සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව තවත් ඉදිරියට
2024-01-09 15:15:51
Share with:

2024 වසරේ තනි සංචාරයන් සඳහා ලොව වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්ත අතර ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

''ෆෝබ්ස් '' ව්‍යාපාරික සඟරාව මේ බව අනාවරණ කර ඇත්තේ ''ෆ්ලෑෂ් පැක්'' සංචාරක වෙබ් අඩවිය සිදුකළ ඇගයීමකට අනුවය.

ශ්‍රී ලංකාවට ඉහළින් එම ලැයිස්තුවේ ජපානය,ආජන්ටිනාව සහ ඊජිප්තුව සිටී.

දුෂ්කර වසර ගණනාවකින් පසු ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රයේ මේ වනවිට ඉදිරියට පැමිණෙමින් සිටින බව එම වෙබ් අවඩිය, ශ්‍රී ලංකාව පිළිබඳ තබා ඇති සටහනක දැක්වේ.

ඒ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2023 වසරේ විදෙස් සංචාරකයින් 1,487,303ක් මෙරටට පැමිණ තිබේ.

සංචාරක කර්මාන්තයෙන් පසුගිය වසරේදී මෙරට උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,068කි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම