අභියෝග හමුවේ පොදු සාමූහික හැඟීමෙන් ක්‍රියාකිරීමේ අවශ්‍යතාව චීන ජනපති නව වසර උදාවත්ම අවධාරණය කරයි
2024-01-08 15:19:50
Share with:

චීනය ලොව දෙවන ආර්ථික බලවතායි. 2024 වසර චීනයේ සංවර්ධනය ලොව යහපත වෙනුවෙන් වැඩි අවස්ථාවක් ගෙන එනු ඇතැයි බහුතරයක් විශ්වාස කරති. එය තව දුරටත් තහවුරු කරමින් 2024 නව වසර වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලෝකවාසීන් වෙත යොමු කළ සුබ පැතුම් පණිවිඩයෙන් සනාථ වී ඇතැයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යාපන ඒකක‍යේ ප්‍රධානී දේවිකා කුමාරසිංහ මහත්මිය කියා සිටී.

ගෙවී ගිය වසර පහසු වසරක් නොවුව ද අනාගතය පිළිබඳ දැඩි විශ්වාසයකින් කටයුතු කළ යුතු බව චීන ජනපති සිය පණිවිඩයේ සඳහන් කර තිබේ. සමස්ත ලෝකයම ගෙවුණු දුෂ්කර කාල පරිච්ඡේදයෙන් ‍මිදී යම් අස්වැසිල්ලක් අපේක්ෂා කරයි. වැදගත් වන්නේ අඳුරු අතීතය මත නොවැළපී යහපත් අනාගතයක් වෙත අවධානය යොමු කිරීමයි. වසර උදාවත්ම චීන ජනපතිගේ සුබවාදී අපේක්ෂාව ඊට යම් උත්තේජනයක් සපයනු ඇත.

චීනය සිය සංවර්ධනය පමණක් නොව ලෝකය සමග සහයෝගයෙන් කටයුතු කරන රටක් ලෙස සිය වගකීම් හා යුතුකම් ඉටු කරමින් සිටින බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. 2023 වසර ධෛර්වන්ත‍ව මෙන්ම නිර්මාණශීලීව අවසන් කිරීමට චීනයට හැකිවිය. එම වසරේ නවෝත්පාදන හා සංවර්ධන ජයග්‍රහණ රැසක් වර්ධනය කර ගැනීමට ද චීනයට හැකි විය. ඒ අතර

පාරිභෝගික ජනතාවගේ ආකර්ෂණයට ලක්ව ඇති චීන දේශීය නිෂ්පාදිත අතුරින් ජංගම දුරකථන, නව බලශක්ති මෝටර් රථ, ලිතියම් විදුලි කෝෂ, ප්‍රකාශ වෝල්ටීයතා නිෂ්පාදිත වඩාත් කැපී පෙනේ. නව යුගයක් කරා පියනැඟීමට කැමති ලෝකවාසීන්ට එය සැබැවින්ම සුබ ආරංචියක් වනු ඇති බවද දේවිකා මහත්මිය සඳහන් කළාය.

විවිධ දුෂ්කරතාවලට ලෝකයට මුහුණ දීමට සිදු විය හැකිය. එහෙත් සෑම අභියෝගයක් හමුවේම පොදු සාමූහික හැඟීමෙන් ක්‍රියා කොට පොදු ජයග්‍රහණ අත්කර ගැනීමේ වැදගත්කම චීන ජනපති අවධාරණය කළේය. වාද බේද දුරලා සාමකාමී ලෝකයක් වෙත ගමන් කිරීමෙන් පොදුවේ සියලු මානවයන් වෙත යහපත උදා වනු ඇති බවට සියලු රාජ්‍ය නායකයින් අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාව මේ මගින් පැහැදිලි වන බවද, එවැනි දැක්මක වැදගත්කම වර්ථමානයේ වඩාත් ඵලදායි බවද ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යාපන ඒකකයේ ප්‍රධානී දේවිකා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම