රටවල් සුළුතරයක් දකුණු චීන මුහුදේ ප්‍රකෝපකාරී අයුරින් ක්‍රියා කිරීම එහි සාමය හා ස්ථාවරත්වයට හානිකර බව චීනය කියයි
2024-01-08 18:37:49
Share with:

රටවල් සුළුතරයක් දකුණු චීන මුහුදේ ප්‍රකෝපකාරී අයුරින් ක්‍රියා කිරීම එහි සාමය හා ස්ථාවරත්වයට හානිකර බව චීනය පවසයි. ඇමරිකාව, ජපානය හා දකුණු කොරියාව යන රටවල් පසුගිය දා සංවාද පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(08) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවා ය.

එම රටවල් 3 සංවාද පැවැත්වීම අතරතුර නිකුත් කළ ලියවිල්ලේ සඳහන් වූ චීනය පිළිබඳ නුසුදුසු කරුණුවලට චීනය සැලකිල්ලක් දක්වන බව Mao Ning මහත්මිය සඳහන් කළා ය. අදාළ රටවල් සහයෝගිතා පැවැත්වීම මුවාවෙන් අත්‍තනෝමතික ව චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමටත් ගැටුම් ඇති කිරීමටත් එරෙහිව චීනය තරයේ ම විරුද්ධ වෙයි. දකුණු චීන මුහුදේ වත්මන් තත්ත්වය ස්ථාවරව පවතී. සිය ‍භෞමික ස්වෛරීභාවය හා මුහුදු අයිතිවාසිකම් තරයේ ම සුරකින චීනය, අදාළ රටවල් සමග එක්ව සාකච්ඡා මාර්ගයෙන් වාද බේද දුරලීම වෙනුවෙන් පෙනී සිටින බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව පැවසුවා ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම