රජයේ කටයුතු අකර්මණ්‍ය වීම වළක්වා ගැනීම සඳහා ඇමරිකානු කොන්ග්‍රසය ද්විපාර්ශ්වික වියදම් ගිවිසුමකට එළඹෙයි
2024-01-08 11:18:14
Share with:

ඇමරිකානු රජයේ කටයුතු මෙම මස අගදී අර්ධ වශයෙන් වසා දැමීමේ තත්ත්වයෙන් වළක්වා ගැනීම සඳහා, කොන්ග්‍රස් මණ්ඩලයේ පක්ෂ දෙකේම නායකයෝ ඇ.ඩොලර් ට්‍රිලියන 1.59ක වියදම් ගිවිසුමකට එකඟ වෙති.

එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක Mike Johnson මහතා එදින කොංග්‍රස් සාමාජිකයින්ට ලිපියක් යවමින් පැවසුවේ, මෙම ගිවිසුමෙන් 2024 මුදල් වර්ෂය සඳහා වියදම් සැලැස්ම සකස් කර ඇති බවයි. ඉන් ඇ.ඩොලර් බිලියන 886ක් ආරක්ෂක වියදම් සඳහා වන අතර, ඇ.ඩොලර් බිලියන 704ක් ආරක්ෂක නොවන වියදම් සඳහා වෙන් කෙරේ.

දෙපාර්ශ්වය එකඟතාවට එළඹීමෙන් පසු ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ‍රජය 'වසා දැමීම' වැලැක්වීමට එක් පියවරකින් සමීප වී ඇති බවයි. ඊශ්‍රායලයට සහ යුක්රේනයට ආධාර කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ඇතුළුව 2023 ඔක්තෝම්බර් මාසයේදී තමා කොන්ග්‍රස් මණ්ඩලයට විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කළ බවද හෙතෙම සඳහන් කළේය. හැකි ඉක්මනින් එම ඉල්ලීම අනුමත කරන ලෙස ඔහු කොන්ග්‍රස් මණ්ඩලයේ රිපබ්ලිකන් නියෝජිතයන්  ‍ගෙන් ඉල්ලීමක් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම