යුධ ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 22,800 දක්වා ඉහළට
2024-01-08 15:28:59
Share with:

ගාසා තීරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(07) නිකුත් කළ නවතම දත්තවලට අනුව, පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා පලස්තීන-ඊශ්‍රායල ගැටුම ආරම්භ වීමෙන් පසුව, ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 22,835 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 58,416 ක් තුවාල ලබා ඇත. පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට ප්‍රහාර 12ක් දියත් කිරීමෙන් පුද්ගලයින් 113 දෙනෙක් මිය ගොස් ඇති අතර 250 දෙනෙක් තුවාල ලබා ඇති බව ද එම දෙපාර්තමේන්තුව පැවසීය.

ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල පුවත්පතට අනුව පසුගිය 07 වැනිදා ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu මහතා කැබිනට් රැස්වීමකදී ප්‍රකාශ කළේ ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව සිය හමුදා මෙහෙයුම් සියලු ඉලක්ක සපුරා ගන්නා තුරු නතර නොකරන බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම