මෙම වසර තුළ චීන දෙස් විදෙස් සංචාරක වෙළඳපොලේ වර්ධනයක් අපේක්ෂිතයි
2024-01-08 15:18:28
Share with:

මේ වසරේ චීන දෙස් විදෙස් සංචාරක වෙළඳපොල වඩාත් ප්‍රකෘතිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රට තුළ සංචාරය කරන හා විදෙස් සංචාර කරන පුද්ගලයන් වාර සංඛ්‍යාව මේ වසර තුළ මිලියන 264ක් වනු ඇති බවත්, එයින් ලබන විදෙස් සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 107ක් වනු ඇති බවත්, චීන සංචාරක පර්යේෂණ ආයතනය ඇස්තමේන්තු කර තිබේ.

2023 වසරේ ගෝලීය සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වීමත් සමග චීන සංචාරකයන් විදේශ රටවල සංචාරය කිරීම වර්ධනය වී ඇත. ඒ අතරින් මැලේසියාව හා තායිලන්තය ඇතුළු අග්නිදිග ආසියා රටවල් චීන සංචාරකයන්ට වඩාත් ආකර්ෂණීය ගමනාන්ත බවට පත්ව තිබේ. යහපත් ගමනාගමන පහසුකම්, භාෂාමය ගැටළු අඩු වීම, සරු සංචාරක සම්පත් හා තරමක් අඩු සංචාරක පිරිවැය ඊට ‍හේතු වී ඇත. ජාත්‍යන්තර ගුවන් ගමන් වාර කඩිනමින් පෙර තත්ත්වයට පත් වීම, චීන සංචාරකයන්ට විදේශ සංචාරවල නිරතවීමට තවත් රුකුලකි. 2023 වසරේ මුලදී චීන ජාත්‍යන්තර ගුවන් ගමන් වාර සතියට 500ක් විය. මේ වන විට එය සතියට 4600 දක්වා වැඩි වී තිබේ. මේ වසර අවසානය වන විට එම සංඛ්‍යාව 6000 දක්වා වර්ධනය වී කොවිඩ් සමයට පෙර තිබූ ගුවන් ගමන් සංඛ්‍යාවෙන් 80% ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම