චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි අධිෂ්ඨානයෙන් දූෂණ විරෝධී පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව චීන ජනපති අවධාරණය කරයි
2024-01-08 19:57:43
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි අධිෂ්ඨානයෙන් දූෂණයට ‍එරෙහි සටන ජයගැනීම සඳහා කැප විය යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(8) පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ 20 වැනි විනය පරීක්ෂාව පිළිබඳ කොමිසමේ 3වැනි පූර්ණ සැසිවාරයේ වැදගත් දේශනයක් පවත්වමින් මේ බව පැවසීය.

දූෂණ මර්දන සටන සම්පූර්ණ ජයක් ලබා ගෙන තහවුරු කර තිබුණ ද එය තවදුරටත් සංකීර්ණ තත්ත්වයක පවතින බව චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. විවිධ ක්ෂේත්‍රවල දූෂණ විරෝධී සටන් සම්බන්ධීකරණයෙන් ඉදිරියට මෙහෙයවිය යුතුය. යළි යළිත් අලුතින් මතුවූ ගැටළු කඩිනමින් හඳුනාගෙන එය ව්‍යාප්ත වීමට ඉඩ නොදිය යුතු බවට ද අවධාරණය කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්වයං විප්ලවය ගැඹුරින් ප්‍රවර්ධනය කොට දැඩි අධිෂ්ඨානයෙන් දූෂණ විරෝධී පියවර අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම