ජනපති සහ යාපනේ සිවිල් සමාජ කේන්ද්‍රයේ ක්‍රියාකාරීහු අතර හමුවක්
2024-01-08 14:33:03
Share with:

උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනේ සිවිල් සමාජ කේන්ද්‍රයේ ක්‍රියාකාරීහු අතර හමුවක් පසුගිය දා යාපනයේදී පැවැත්විණ.

කුල ප්‍රශ්නය ප්‍රධාන කොට ඇති උතුරේ සිවිල් සමාජයේ පවතින ගැටලු මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණ. උතුරු පළාතේ කුලය මූලික කොට ගත් පාසල් රැසක් පවතින නමුත් ඒවායේ අවම පහසුකම් පවා නැති බැවින් ගැටලු මතු වී ඇති බව පැවසූ සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා ඒවා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

එවැනි පාසල් 100ක් නම් කරන ලෙස පැවසූ ජනාධිපතිවරයා ඒ පාසල් 100 ඉදිරි මාස 6 තුළ සංවර්ධනයට පියවර ගන්නා බව යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයට පොරොන්දු විය. කුල ප්‍රශ්න ඉදිරියට දමමින් මහජන ප්‍රශ්නවලට විසඳුම් නොදෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධයෙන් සොයා බලන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම