චීන අර්ධ සන්නායක සමාගම් මර්දනය කිරීමේ ඇමරිකාවේ ක්‍රියාකලාපය “ආර්ථික හිරිහැර කිරීමක්”
2024-01-08 16:34:14
Share with:

චීන අර්ධ සන්නායක සමාගම් මර්දනය කිරීමේ ඇමරිකාවේ ක්‍රියාකලාපය “ආර්ථික හිරිහැර කිරීමක්” බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී පැවසුවාය.

ඇතැම් වාර්තාකරුවන් එම මාධ්‍ය හමුවවේ දී පෙන්වා දුන්නේ ඇමරිකාව, චීන චිප්ස් අපනයන පාලන පියවරයන් දැඩි කරමින් චීන අර්ධ සන්නායක සමාගම් මත පීඩනය ඉහළ නංවා ඇති බවයි.

ඇමරිකාව චීනයට එරෙහිව අර්ධ සන්නායක අපනයන පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම චීනයට වෙනස් කොට සැලකීමකි. මෙමගින් තීරුබදු සහ වෙළඳාම පිළිබඳ පොදු ගිවිසුමේ 1 වන වගන්තියේ දක්වා ඇති වඩාත්ම හිතකර ආකාරයේ ප්‍රතිකාර මූලධර්මය උල්ලංඝනය කෙරෙන බව Mao Ning මහත්මිය පැවසුවාය. ජාල තොරතුරු ආරක්ෂාවට ඇති තර්ජන උපුටා දක්වමින් ඇමරිකාව අදාළ චීන විදුලි සංදේශ උපකරණ සමාගම් අසාදු ලේඛනගත කර ඇති අතර චීනයේ නිෂ්පාදිත විදුලි සංදේශ උපකරණ ඇමරිකානු වෙළඳපොළට ඇතුළු වීම තහනම් කර ඇත. එය මෙම තීරුබදු සහ වෙළඳාම පිළිබඳ පොදු ගිවිසුමේ 11 වැනි වගන්තියේ දක්වා ඇති ප්‍රමාණාත්මක සීමා කිරීම්  ඉවත් කිරීමේ මූලධර්මය උල්ලංඝනය කරයි. ඇමරිකාව බොහෝ විට ජාත්‍යන්තර නීති ගැන කතා කරන නමුත් ඇත්ත වශයෙන්ම කරන්නේ නීති නොසලකා හැරීම සහ ඒවා කඩ කිරීම බව Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම