තට්ටු ගෙවල්හි පදිංචිකරුවන්ගෙන් 50%කට මේ වසරේදී හිමිකම් ඔප්පු
2024-01-08 14:39:51
Share with:

නාගරික සංවර්ධන අධිකාරියේ මහල් නිවාසවල පදිංචි කරුවන්ගෙන් සියයට පනහකට මෙම වසර අවසානයට පෙර හිමිකම් ඔප්පු ලබා දෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල මේ වනවිට පුද්ගලයෝ 14,542 ක් පදිංචිව සිටිති. පළමු අදියර යටතේ සියයට 50ක පිරිසකට හිමිකම් ඔප්පු ලබා දෙන අතර සෙසු මහල් නිවාසවල මතුව ඇති නෛතික හා අනෙකුත් ගැටළු නිරාකරණය කිරීමෙන් පසු ලබන වසරේදී ඔවුන්ට හිමිකම් ඔප්පු ලබාදෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම