බංග්ලාදේශයේ පාලක අවාමි ලීගයට එරට මහ මැතිවරණයෙන් පැහැදිලි ජයක්
2024-01-08 10:53:28
Share with:

බංග්ලාදේශයේ පාලක අවාමි ලීගය එරට මහ මැතිවරණයෙන් පැහැදිලි ජයක් අත්කර ගනී.එරට පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවෙන් සියයට 70කට අධික සංඛ්‍යාවක් දිනා ගැනීමට එම පක්ෂය සමත්වී ඇත. ආසන 299ක් වෙනුවෙන් ඉරිදා දිනයේ දී මැතිවරණය පැවැත්විණ.ඡන්ද මධ්‍යස්ථාන හතලිස් දෙදහසක‍ට අධික සංඛ්‍යාවක දී ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවිය.පාලක අවාමි ලීගයේ අපේක්ෂකයෝ 260කට අධික පිරිසක් ඊට සහභාගී වූහ.විදේශ නිරීක්ෂක‍යෝ ද ඡන්ද විමසීම පැවැත්වෙන ආකාරය නිරීක්ෂණය කළහ.ඇතැම් විදේශ නිරීක්ෂකයන්‍ට අනුව මැතිවරණය නිදහස් ,සාධාරණ හා සාමකාමී අයුරෙන් පවත්වා තිබේ.ආසන 151ක් ලබා ගන්නා පක්ෂයට  බංග්ලාදේශයේ රජයක් පිහිටුවීමේ අවස්ථාව හිමිවෙයි.පාලක අවාමි ලීගය 2009 වසරේදී විශිෂ්ඨ ජයක් ලබමින් එරට පාලන බලය අත්කර ගැනීමට සමත්විය.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම