උතුරේ ව්‍යාපාරික ගැටලුවලට මාස 2 ක් ඇතුළත විසඳුම් ලබාදෙන බව ජනපති කියයි
2024-01-07 16:29:52
Share with:

උතුරු පළාතේ ව්‍යාපාරිකයන් මුහුණ පා සිටින ගැටලුවලට ඉදිරි මාස 02 තුළ විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එම ගැටලු විසඳීම සඳහා ක්‍රියාකාරී ආයතනයක් ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම කියාසිටී.

යාපනය දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්, ධීවර සහ ගොවි ප්‍රජාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මහතා මෙම අදහස් පළ කළේය. ඒ තම සිව්දින උතුරු සංචාරය අතරතුර දී යි.

මේ අතර, ජනාධිපතිවරයා යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සමග ද හමුවක් පවත්වා තිබේ. යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. ශ්‍රී සත්ගුණරාජා මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය අදාළ සාකච්ඡාවට එක්විය. යාපනය විශ්වවිද්‍යාලයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් වූ සංවර්ධන සැලැස්ම ද එහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

නවීන තාක්ෂණය සමඟ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉංග්‍රීසී භාෂා දැනුම ප්‍රවර්ධනයට විශේෂ අවධානයකින් යුතුව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ද  අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම