නව වසරේ ඉහළ සංචාරක පැමිණීමක්
2024-01-07 16:31:04
Share with:

නව වසරේ පළමු දින 4 තුළ පමණක් සංචාරකයන් 25,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ එම සංඛ්‍යාව 25,619 ක් බවයි.

ඉන් වැඩිම පිරිස වන 5,060 දෙනෙකු රුසියාවෙන් පැමිණ ඇති අතර, ඉන්දීය සංචාරකයන්ගේ සංඛ්‍යාව 3,333 කි. මීට අමතරව ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ඇමරිකාව යන රටවලින් ද වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

පසුගිය වසරේ සංචාරකයන් දා හතර ලක්ෂයක පමණ පිරිසක් දිවයිනට පැමිණි අතර, මේ වසරේ එම සංඛ්‍යාව ලක්ෂ 23 දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම