ගාසා තී‍රයේ දරුවන් සාගින්නෙන් පීඩා විඳින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල කියයි
2024-01-07 16:16:21
Share with:

ගාසා තී‍රයේ දරුවන් සාගින්නෙන් හා මානසික හිංසාවලින් දැඩි ලෙස පීඩා විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි.

එම අරමුදල පසුගියදා නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක් අනුව, ගාසා තීරයේ වයස අවුරුදු 2 කට අඩු දරුවන්ගෙන් 90% ක පිරිසක් නිසි සෞඛ්‍ය තත්ත්වය සහතික කිරීමට අවශ්‍ය තරම් ආහාර ලබා ගත නොහැකි තත්ත්වයක පසුවෙති. පවතින යුද ගැටුම් එම ප්‍රදේශයේ දරුවන්ගේ මානසිකත්වයට එල්ල කර ඇති බලපෑම් ද අතිශය කනගාටුදායක බව ද ළමා අරමුදල පවසයි. 

Al Jazeera රූපවාහිනි සේවය ඊයේ (6) පළ කළ වාර්තාවකට අනුව, ගැටුම් හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ සිසුන් හාරලක්ෂයකගේ පමණ අධ්‍යයන කටයුතු අඩාල වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂවාදී කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසා තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම