දේශීය තල් රා අපනයනයෙන් ඉහළ ආදායමක්
2024-01-07 16:32:17
Share with:

මෙරට නිෂ්පාදිත තල් රා අපනයනයෙන් 2023 වසරේ ඩොලර් 102,422ක (රු. මිලියන 32.2) මුදලක් ඉපයීමට තල් සංවර්ධන මණ්ඩලය සමත් වෙයි.  අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ බව ප්‍රකාශ කෙරිණ.  

මෙරට තල් රා සඳහා වැඩිම ඉල්ලුමක් කැනඩාව හා ප්‍රංශය යන රටවලින් ලැබී තිබේ. මීට අමතරව තවත් රටවල් ගණනාවකින් ද මෙරට තල් රා සඳහා ඇණවුම් ලැබී ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි. Sri Lanka Palmyra වෙළෙඳ සලකුණ යටතේ අපනයනය කෙරෙන තල් රා සඳහා ඩුබායි වෙළෙඳපොළේ ද ඉහළ ඉල්ලුමක් පවතී.

තල් ආශ්‍රිත නිෂ්පාදන විදේශ වෙළෙඳපොළේ ප්‍රචලිත කිරීම සඳහා විධිමත් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම