ඇමරිකාව තවදුරටත් සිරියාවේ ඛනිජ තෙල් සොරාගනී
2024-01-07 15:44:24
Share with:

ඇමරිකානු හමුදාව ඊසානදිග සිරියාවේ නීතිවිරෝධී කැණීම්වලින් ලබාගන්නා ඛනිජ තෙල් ඉරාකයට ප්‍රවාහනය කරමින් සිටින බව සිරියානු මාධ්‍ය අනාවරණය කරයි. 

 සිරියානු ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ (6) පළ කළ වාර්තාවකට අනුව, ඇමරිකානු යුද හමුදාව ඊසානදිග සිරියාවෙන් නීතිවිරෝධී ලෙස කැණීම් කළ ඛනිජ තෙල් සහ වෙනත් සම්පත් තොග වශයෙන් සිරියාවේ සිට ඉරාකයට ප්‍රවාහනය කර ඇත. ඒ, නීතිවිරෝධී දේශසීමා ඔස්සේ තෙල් ටැංකි සහ ට්‍රක් රථ 56 කින් සමන්විත ඇමරිකානු යුද හමුදා රථ පෙළක් මගිනි.

මීට අමතරව, තෙල් ටැංකි සහ ට්‍රක් රථ 24 කින් යුත් තවත් ඇමරිකානු යුද හමුදා රථ පෙළක් සමගින් සිරියාවෙන් සොරාගැනුණු වෙනත් සම්පත් තොගයක් ද ඉරාකයේ පිහිටි ඇමරිකානු යුද හමුදා කඳවුරු වෙත ප්‍රවාහනය කර ඇතැයි වාර්තා වේ. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම