මිලීෂියා නායකයන් ඝාතනය කිරීමෙන් පසු ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයේ පැවැත්ම අවසන් කරන බවට ඉරාක අගමැතිගෙන් ප්‍රතිඥා
2024-01-06 18:28:17
Share with:

මිලීෂියා නායකයන් ඝාතනය කිරීමෙන් පසු ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයේ පැවැත්ම අවසන් කරන බවට ඉරාක අගමැති Mohammed Shia' al-Sudani මහතා යළි ප්‍රතිඥා දෙයි. 

ඔහු මේ බව පැවසුවේ, ඇමරිකාවේ ප්‍රහාර මාලාවකින් ඉරාක ආරක්ෂක නිලධාරීන් සහ මිලීෂියා නායකයන් මිය යාමේ සිද්ධියෙන් පසුව ඊයේ (5) කළ ප්‍රකාශයක දී ය.

තම රජය, විදේශීය හමුදා ඉවත් කර ගැනීම සඳහා කමිටුවක් මගින් සන්ධානය සමඟ සාකච්ඡා කඩිනමින් ආරම්භ කරන බව ද අගමැතිවරයා පැවසීය. එය ඉටුකිරීමට නොපසුබස්නා කැපවීමෙන් රජය බැඳී සිටින බවත් ඔහු කියාසිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම