ලොව පුරා නොසන්සුන්තා ඇතිකරමින් වාසි ලබාගැනීම ඇමරිකාව දන්නා එකම ක්‍රමවේදයයි
2024-01-06 16:46:33
Share with:

මෑත වසරවල චීනය ඉතා සක්‍රිය හා අවංක ආකල්පයකින් තම රට පිළිබඳ තොරතුරු ලෝකයට කියාදෙන අතර, විවිධ රටවල පුරවැසියන්ට චීනයේ සංචාරය කරන ලෙස සාදරයෙන් ඇරයුම් කරයි. ගෝලීය වශයෙන් චීනය සතු බලපෑම් ශක්තිය හා අභිමානය ක්‍රමයෙන් ඉහළ නංවාලීමට එය හේතු වී තිබේ.

මේ අතරම, ඇමරිකාව ගෙවී ගිය වසර පහ තුළ විශාල මුදලක් වෙන් කර, චීනයේ රැඳී සිටින බටහිර රටවල වාර්තාකරුවන් චීනයට අපහාස කිරීමේ හා චෝදනාත්මක පුවත් නිර්මාණය කිරීමේ ‘මාධ්‍ය මැරයන්’ ලෙස පෝෂණය කර ඇත. චීනයට බලපාන ඍණාත්මක පුවත් නිර්මාණය කිරීම සඳහා වසර පහකට පෙර ඇමරිකානු කොංග්‍රසය ඇ.ඩො. බිලියන 1.5ක පිරිවැයක් සම්මත කර බටහිර වාර්තාකරුවන් හා සංස්කාරකවරුන් පුහුණු කළ බව යුරෝපීය උගතෙකු වන Jan Oberg මහතා පසුගිය දා හෙළි කළේය.

තමා මෙන්ම චීනයේ සංචාරය කර ඇති හෝ චීනයේ වෙසෙන බටහිර ජාතීන්ට චීනයේ පුළුල් හා දැවැන්ත බව සියැසින් දැක, හිතකාමී ස්ථාවරයක සිට එම දේශය පිළිබඳව අවබෝධ කර ගැනීමට හැකිවී ඇතැයි ද Jan Oberg මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. බටහිර මාධ්‍ය ආයතන, චීනය සම්බන්ධයෙන් පළකළ සාදව්‍ය වාර්තා පිළිබඳව තමා ඇතුළු එම පිරිස වෙනස් මතයක් දරන බව ද ඔහු කියාසිටියේය. චීනයෙන් ඇමරිකාවට තර්ජනයක් එල්ල නොවන තත්ත්වයක් පවතිද්දීත් ඇමරිකාව විවිධ හේතු නිර්මාණය කරමින් චීනය මර්දනය කිරීමට උත්සාහ දැරීම ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් ව තිබේ. 

ඇමරිකානු රජය විසින් පෝෂණය කෙරෙන ‘මාධ්‍ය මැරයෝ’ වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටිති. එසේම, සීතල යුද මානසිකත්වය තදින් වැළඳ සිටින ඇමරිකානු දේශපාලනඥයෝ චීනයට එදිරිවාදී ක්‍රියාමාර්ගය අත්හැරීමට අකැමැත්තෙන් පසුවෙති. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව නව සතුරෙකු සාදා ගැනීම ඔවුන්ගේ අවශ්‍යතාවක් විය. විශාල ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් යුතුව, ලොව පුරා නොසන්සුන්තා ඇති කිරීම ඇමරිකාවේ අවි වෙළඳුන් හා බලපෑම් කණ්ඩායම්වල ක්‍රියාමාර්ගය වී තිබේ. මේ හේතුවෙන් ලෝක දෙවන විශාලතම ආර්ථික ඒකකය බවට පත්ව ඇති චීනයට, ඇමරිකාව විසින් ‘සතුරා’ යන ලේබලය දැමීම එතරම් පුදුමයක් නොවේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම