පෙබරවාරි මුල් සතියේ විදුලි බිල අඩු කරන බව බලශක්ති රාජ්‍ය ඇමති කියයි
2024-01-06 15:49:26
Share with:

පෙබරවාරි මුල් සතිය වන විට විදුලිබිල අඩු කිරීමට පියවර ගන්නා බව, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති බව ද ඔහු කියාසිටී. 

ඉන්දික අනුරුද්ධ මහතා මේ බව පැවසුවේ, 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  

නව ජනන සැලැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600 කට ආසන්න විදුලි ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයට මේ වන විට අලුතින් සේවකයන් බඳවා ගැනීම නවතා ඇති අතර සේවක දිරි දීමනා සහ උසස්වීම් කාර්ය සාධනයට අනුව සිදු කිරීමට නියමිත බව කී රාජ්‍ය අමාත්‍යවරයා  විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක එලෙසම ක්‍රියාත්මක බව ද පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම