ජනපති පුනරින් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක
2024-01-06 18:05:58
Share with:

උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පූනරින් ප්‍රදේශයේ සංචාරයක නිරත වෙයි. එම සංචාරය ඊයේ (5) සිදුවිය. 

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරින් නගර සංවර්ධන සැලැස්ම සමාලෝචනය කිරීම සඳහා පූනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට ද ජනාධිපතිවරයා එක්විය.

පූනරින් නගරය සංවර්ධනය සඳහා 2024 අයවැය මගින් රුපියල් මිලියන 500 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. ඒ අනුව අදාළ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා එහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන ලෙස ද දැනුම් දුන්නේය.

මේ අතර පුනරින් ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන උසස් තත්ත්වයේ කජු නිෂ්පාදන ආයතනයක් වන “වන්නි කජු” ආයතනය වෙත පැමිණි වික්‍රමසිංහ මහතා එහි කටයුතු ද නිරීක්ෂණය කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම