බදු අයකර ගැනීම වඩාත් කාර්යක්ෂම කිරීමට නෛතික ක්‍රියාවලියේ සිදුකළ යුතු සංශෝධන සොයා බැලේ
2024-01-05 15:48:14
Share with:

රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම උදෙසා කළ යුතු නෛතික සංශෝධන පිළිබඳ රජයේ අවධානය යොමුවෙයි.ඒ සඳහා අදහස් ලබාගැනීමේ විශේෂ රැස්වීමක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්විණ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන රැගෙන ඒම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය. 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළේ 2023.06.30 දිනට ලැබිය යුතු හිඟ බදු ආදායම රුපියල් බිලියන 943 බවයි. 

මෙහිදී ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, බදු අය කර ගැනීම ක්‍රමවත් කිරීම සඳහා පවතින නීති සංශෝධනය ඇතුළු නව යෝජනා රැසක්  ඉදිරිපත් කළ අතර, ඒවා ඉදිරියේ දී ක්‍රියාවට නැංවෙනු ඇති.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම