ෂින්ජියංහි ජනතාවගේ සැහැල්ලු දිවි පැවැත්ම සහතික කර ඇතැයි චීනය කියයි
2024-01-05 17:22:20
Share with:

2023 වසරේ දී විදේශ සංචාරකයන් 4300 කට වැඩි පිරිසක් ෂින්ජියං ප්‍රදේශයේ සංචාරය කළ බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව පැවසුවේ අද (5) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තමා චීනයේ ෂින්ජියං ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාවේ එහි ජනතාවගේ සතුටුදායක ජීවිතය හා ඔවුන් විඳින පූර්ණ ආගමික නිදහස සියැසින් දුටු බවත්, ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය ‘ෂින්ජියංහි මානව හිමිකම් උල්ලංඝනයක්’ සිදු වූ බවට කළ ප්‍රචාරයේ පදනම් විරහිත සාවද්‍යභාවය වැටහුණු බවත් පකිස්තාන Daily ittehad පුවත්පතේ ප්‍රධානි  Tahir Farooq මහතා පසුගියදා ප්‍රකාශ කළේය. මේ පිළිබඳව චීනයේ අදහස කුමක්දැ යි එම මාධ්‍යවේදියා විමසීය.

2023 වසරේ කසක්ස්ථානය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය, පකිස්තානය, ඉන්දුනීසියාව, මැලේසියාව, ජපානය, ඊජිප්තුව, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, කැනඩාව යන රටවල සංචාරකයින් හා ඉස්ලාමීය සහයෝගතා සංවිධානය ඇතුළු සංවිධානවල නියෝජිතයන් 4300 කට වැඩි පිරිසක් ෂින්ජියං ප්‍රදේශයට පැමිණි බව වං වෙන්බින් මහතා මෙහිදී පැවසීය. එහි ආගමික ස්ථාන, විවිධ වීදි, කර්මාන්තශාලා, ගොවිබිම් මෙන්ම සාමාන්‍ය ජන නිවාස වැනි ස්ථානවලට පැමිණි ඔවුහු, ප්‍රදේශයේ ආගමික නිදහස, සංස්කෘතික සුරක්ෂිතභාවය, කෘෂි හා කර්මාන්ත නිෂ්පාදන මෙන්ම සැහැල්ලු ජන ජීවිතය සියැසින් දැක බලාගත්හ.

සාධාරණ හා යුක්තිසහගත පුද්ගලයන් සාවද්‍ය තොරතුරුවලින් රැවටිය නොහැකිය. ෂින්ජියංහි ‘වාර්ගික ජනතාව තුරන් කිරීමට චීනය ක්‍රියා කළ බවටත්, බලහත්කාර ශ්‍රම භාවිතය සිදු කළ බවටත්’ ඇතැම් රටවල් අසත්‍ය චෝදනාත්මක ප්‍රචාර විසුරුවා හැර ඇත. එහෙත් එම පිරිසම ගාසා තීරයේ මේ වනවිට සිදුවන බරපතල මානුෂීය ඛේදවාචකය නොදුටු අයුරින් පසුවීම කනගාටුදායක ය. මේ තුළින්ම එම රටවල කුහකත්වය අනාවරණය වී ඇතැයි ද වං වෙන්බින් මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම