සරම්ප රෝගය පැතිරීම වළක්වාලීමට යුනිසෙෆ් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය
2024-01-05 15:47:16
Share with:

රටේ සරම්ප රෝගය පැතිරයාම පාලනය කිරීමේ අරමුණින්, අතිරේක සරම්ප ප්‍රතිශක්තිකරණ වැඩසටහනක්  ක්‍රියාත්මක කිරීම සඳහා UNICEF සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය ලබා දීමට කඩිනමින් ඉදිරිපත් වෙයි.

2023 වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ සරම්ප රෝගීන් 700 කට වැඩි පිරිසක් වාර්තා වී ඇත.

මෙම අතිරේක සරම්ප ප්‍රතිශක්තිකරණ වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වනු ඇත. එහි පළමු අදියර සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර හා යාපනය ඇතුළු දිස්ත්‍රික්ක නවයක, මාස 6-9 අතර කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් ජනවාරි 6 වැනිදා සිට ඇරඹෙයි. මෙහි දෙවන අදියර ජනවාරි මස 20 වැනිදා සිට රට පුරා සිටින අනෙකුත් වයස් කාණ්ඩවල දරුවන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වනු ඇත. 

වැඩසටහන පිළිබඳව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා පැවසුවේ, රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සුදුසු පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙසේ ක්‍රියාවට නංවන්නේ බැරෑරුම් තත්ත්වය පිටුදැකීම සඳහා බවයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම