ගෝලීය ආර්ථිකය විශාල අර්බුදයකට යොමු කරන ඇමරිකාවේ ණය ගැටලුව
2024-01-05 11:35:14
Share with:

 

අධික ආර්ථික බරක් උසුලමින් 2023 වසර ගෙවා ඇති ඇමරිකානු ජාතිකයන්ට නව වසරේ ආරම්භයත් සමඟම තවත් අසුබ පුවතක් අසන්නට ලැබිණ. ඒ ජනවාරි දෙවැනි දා වනවිට ඇමරිකානු පෙඩරල් රජයේ සමස්ත ණය ප්‍රමාණය පළමු වරට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 34ක් ඉක්මවා ගොස් ඇතැයි ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමයි.

 ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 34ක ණය ප්‍රමාණයක් යනු සුළුපටු ණයක් නොවේ. සෑම ඇමරිකානු ජාතිකයෙකුම ඉන් ඩොලර් ලක්ෂයක ණයක් ගෙවිය යුතු වේ. ඇමරිකාවේ සෑම පවුලක්ම මාසිකව ඩොලර් දහසක ණයක් ගෙවුවහොත් වසර 22කින් එම ණය සම්පූර්ණයෙන් ගෙවා දැමීමට හැකි වනු ඇත. මෙවන් විශාල ණය ප්‍රමාණයක් එක් රැයකින් ඇති වූවක් නොවේ. සිය අරමුදල් හිඟය පියවීම සඳහා ඇමරිකානු රජය දිගු කාලයක් තිස්සේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට පුරුදුව සිටියේය. කොවිඩ් වසංගතය මතුවීමෙන් පසු ආර්ථිකය මන්දගාමී තත්ත්වයෙන් මුදාගැනීම සඳහා ඇමරිකානු රජය තවත් බැඳුම්කර නිකුත් කර ඇත. අපේක්ෂිත මට්ටමට වඩා ණය වර්ධනය වීම සහ උද්ධමනය පාලනය වෙනුවෙන් ඇමරිකානු පෙඩරල් සංචිතය අඛණ්ඩව පොලී අනුපාත වැඩිකිරීම හේතුවෙන් ද ණය ගෙවීමේ පිරිවැය තවත් වැඩි වී තිබේ. රජයේ වියදම් වැඩි වීම හා බදු ආදායම් අඩු වීමත් සමග ඇමරිකාවේ ණය බර තවදුරටත් වර්ධනය විය.

 ඇමරිකාව මුහුණ දී සිටින මෙම ණය ගැටළුව දේශීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් වෙමින් පවතී. එම ණය අතරින් විදේශ ණය ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බැවින් විදේශ ආයෝජකයන්ට ඇමරිකානු ආර්ථිකය පිළිබඳ ඇති විශ්වාසය බිඳ වැටෙමින් ඇත. ඇමරිකානු ඩොලර් ලොව ප්‍රමුඛතම සංචිත මුදල් ඒකකය හා ගනුදෙනු මුදල් ඒකකයයි. එබැවින් ඇමරිකාවේ ණය ගැටළුව ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට සෘණාත්මක බලපෑම් එල්ල කරනු ඇත. එයින් ගෝලීය ආර්ථිකය විශාල අර්බුදයකට පත් වනු බව නිසැක ය.

 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම