කොරියානු අර්ධද්වීපයේ සාමය සහතික කිරීම සඳහා චීනයේ සහාය
2024-01-05 17:02:54
Share with:

කොරියානු අර්ධද්වීපයේ සාමය හා ස්ථාවරත්වය සහතික කරමින් සංවාද හා සම්බන්ධීකරණ ඔස්සේ අදාළ ප්‍රශ්න විසඳා ගැනීමට සහාය වන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ අද (5) පැවති මාධ්‍ය හමුවක දී කොරියානු අර්ධද්වීපයේ තත්ත්වය පිළිබඳව නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .

කොරියානු අර්ධද්වීපය හා සම්බන්ධ පාර්ශ්ව අතර නොසන්සුන්කාරී තත්ත්වය මෑතකාලීනව උත්සන්න වෙමින් පවතී. කොරියානු අර්ධද්වීපයේ අසල්වැසි රටක් ලෙස චීනය එම කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සහතික කරමින් සංවාද හා සම්බන්ධීකරණ මගින් අදාළ ප්‍රශ්න විසඳා ගැනීමට සහාය දෙන බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය. 

තත්ත්වය තවදුරටත් දරුණු වීම වළක්වා ඵලදායී සංවාද යළි ආරම්භ කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්ව සංවර ව ක්‍රියා කළ යුතු බවත්, නොසන්සුන්තාව උග්‍ර කිරීමේ ක්‍රියා පිටුදැකිය යුතු බවත් හෙතෙම කියාසිටී. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම