2024 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන සැලැස්ම පිළිබඳ සැසියක් බෙයිජිං අගනුවර දී
2024-01-05 19:19:44
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්‍ෂණ කොමිසමේ තුන්වැනි පූර්ණ සැසිය ලබන 8 වැනිදා බෙයිජිං අගනුවරදී පැවැත්වීමට නියමිතය. 2024 නව වසරේ පක්ෂයේ පාලන සැලැස්ම කෙරෙහි එම සැසියේ දී අවධානය යොමුකෙරෙනු ඇත.

2023 වසරේ දූෂණය පිටුදැකීම සඳහා චීනය ඵලදායී පියවර රැසක් ක්‍රියාවට නංවා තිබේ. එම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා, ‘චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රෙගුලාසි අට’ උල්ලංඝනය කිරීම් පිළිබඳ නඩු 79,000 කට අධික සංඛ්‍යාවක් විමර්ශනය කෙරිණ. ඒ අතරින් ඉහළම සංඛ්‍යාව, ආර්ථික හා සමාජයීය සංවර්ධනයට සේවය කිරීමේ සහ පරිසරය ආරක්ෂා කිරීමේ දී වගකීම් විරහිතව ක්‍රියා කිරී‍ම් වන අතර අදාළ නඩු ගණන 29000 කි. එය සමස්ත සංඛ්‍යාවෙන් 37% ක් වේ.

මීට අමතරව, චීන කොමියුනිස්ට් පක්ෂයේ විනය කඩකිරීමට අදාළ දඬුවම් පිළිබඳ සංශෝධිත නව රෙගුලාසි මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට බලාත්මක වෙයි. ප්‍රායෝගිකව කිසිදු කටයුත්තක් නොකොට වාචිකව පමණක් වැඩ ගැන කතාකිරීමේ පල රහිත ක්‍රමවේද කෙරෙහි එම නව රෙගුලාසි අවධානය යොමු කෙරේ. වගකීමෙන් බැහැරවීම සහ දුෂ්කරතා හමුවේ පසුබැසීම වැනි ක්‍රියාවන්ට එම රෙගුලාසි යටතේ දඬුවම් ලබාදීමට ද නියමිතය. පාක්ෂිකයන්ගේ වැඩ කිරීමේ උද්‍යෝගය නැංවීම සඳහා නව පියවර රැසක් ද ප්‍රකාශයට පත් කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු සියවස් ජයග්‍රහණ හිමිකර ගනු ලැබුවේ පක්ෂය හා ජනතාව එක්ව කටයුතු කිරීමෙන් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දී තිබේ.  චීන ‍කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ අභිලාෂය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා තවදුරටත් කැප වී ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම