සූර්ය කෝෂ සඳහා ඉදිරිපත්ව ඇති ගෝලීය පේටන්ට් බලපත්‍ර අයදුම්පත් සංඛ්‍යාව අනුව ලොව පළමු ස්ථානය චීනයට
2024-01-05 10:12:58
Share with:

මේ වන විට, චීනයේ සූර්ය කෝෂ සඳහා ඉදිරිපත්ව ඇති ගෝලීය පේටන්ට් බලපත්‍ර අයදුම්පත් සංඛ්‍යාව 126,400ක් බව චීන ජාතික බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුව මෑතකදී නිකුත් කළ දත්ත පෙන්වා දෙයි. ඒ සමගම ලෝකයේ පළමු ස්ථානය හිමිව ඇති අතර චීනයේ ශක්තිමත් නවෝත්පාදන ශක්තිය ද ඉන් පිළිඹිබු කරයි.

මෑත වසරවලදී, චීනයේ ප්‍රකාශ වෝල්ටීයතා කර්මාන්තයේ පේටන්ට් බලපත්‍ර අයදුම්පත්වල සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 23.1% දක්වා ළඟා වී ඇති අතර, පේටන්ට් බලපත්‍රවල ගුණාත්මකභාවය ද අඛණ්ඩව වැඩි දියුණු වී තිබේ. ඒ අතරින් සූර්ය කෝෂවල ප්‍රකාශ විද්‍යුත් පරිවර්තන අනුපාතය අනුව චීන සමාගම් ලෝකයට නායකත්වය දී ඇත.

චීනයේ ප්‍රකාශ වෝල්ටීයතා සමාගම් කිහිපයක් ඔවුන්ගේ අදාළ තාක්‍ෂණික ක්‍රියාමාර්ගවල නව ඉහළ මට්ටමකට අඛණ්ඩව පැමිණ තිබේ. 2012 වසරේ සිට, මහා පරිමාණයෙන් නිපදවන සූර්ය කෝෂවල ප්‍රකාශ විද්‍යුත් පරිවර්තන අනුපාතය 60% ට වඩා වැඩි වී ඇති අතර පිරිවැය අඩකින් අඩු වී ඇත. බොහෝ ස්ථානවල කිලෝවොට් පැයකට විදුලිය නිපදවීමට චීන යුවාන් 0.01ක් පමණක් වැය වීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම