රුසියා සහ යුක්රේනය මහ පරිමාණ සිරකරු හුවමාරුවක් සිදු කරයි
2024-01-04 10:10:40
Share with:

රුසියාව සහ යුක්රේනය සිය අත් අඩංගුවේ පසුවූ පුද්ගලයන් සිය ගණනක් නිදහස් කරයි.  

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(3) රාත්‍රී සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නිවේදනයකට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය මැදිහත්වීම යටතේ, යුක්රේන අත්අඩංගුවේ පසුවූ රුසියානු හමුදා සාමා‍ජිකයන් 248 දෙනෙක්, යුක්රේන පාලන ප්‍රදේශවලින් රුසියාවට ආපසු පැමිණි තිබේ. ඔවුන් වෛද්‍ය සහ මනෝවිද්‍යාත්මක  ප්‍රතිකාර සඳහා, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අයත් වෛද්‍ය ආයතනවලට යොමු කර  තිබේ.

මේ අතර යුක්රේනයේ සිරකරුවන් හුවමාරු කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව එදින සමාජ මාධ්‍ය මගින් පෙන්වා දුන්නේ, ගැටුම් ආරම්භ වීමෙන් පසු විශාලතම පරිමාණ සිරකරු හුවමාරු කිරීම් මගින් යුක්රේනයේ 230 දෙනෙකට ද නිදහස හිමිව ඇති බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම