විශාල මුදලක් වෙන් කර චීනය මර්දනය කිරීමේ අරමුණින් ඇමරිකාව සම්මත කළ නව පනත
2024-01-04 12:02:16
Share with:

ඇමරිකාව චීනය මර්දනය කිරීමේ අරමුණින් පනතක් සම්මත කළ බව මෑතකදී යුරෝපීය උගතෙකු වන Jan Oberg මහතා සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කර ඇත. වසර 5ක කාලසීමාවක් තුළ චීනය පිළිබඳ සෘණාත්මක ‍තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා එම පනත ඔස්සේ මුදල් වෙන් කර ඇතැයි Jan Oberg මහතා එහිදී කියාසිටියේය. Jan Oberg මහතා සඳහන් කළ එම පනත, ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සෙනෙට් සභාව 2021 වසරේ අප්‍රේල් මස දී සම්මත කළ “2021 වසරේ උපායමාර්ගික තරගකාරීත්ව පනත‍ට ” ද බොහෝ දුරට සමාන වේ. “2021 වසරේ උපායමාර්ගික තරගකාරීත්ව පනත ”යටතේ චීනයේ ගෝලීය බලපෑම් අවම කිරීම සඳහා 2022- 2026 මූල්‍ය වර්ෂ තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් වෙන් කෙරේ. ඒ අතරින් ඇමරිකානු ජාත්‍යන්තර මාධ්‍ය පරිපාලනය ඇතුළු ආයතන චීනයෙන් නිකුත් වූ “අසත්‍ය තොරතුරු”මර්දනය කිරීමටත් ගෝලීය වශයෙන් චීනය අධීක්ෂණය කිරීමටත් සෑම මූල්‍ය වර්ෂයකම ඇමරිකානු ඩොලර් කෝටි 10ක් වෙන් කිරීම කැපී පෙනේ.

ඇමරිකාව චීනය සලකන්නේ සිය ප්‍රබලම උපායමාර්ගික තරගකරුවා වශයෙනි. හැම අතින් ම චීනය මර්දනය කිරීම විශේෂයෙන් ගෝලීය වශයෙන් චීනය පිළිබඳ මත පාලනය කෙරෙහි ඇමරිකාව දක්වා ඇත්තේ ඉහළ අවධානයකි. චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ, චීන ආර්ථිකය සහ වයඹදිග චීනයේ ශින් චියං ප්‍රදේශය වැනි කරුණු ඇමරිකාව විසින් නිරන්තරයෙන් භාවිත කර තිබේ.

දිගු කාලයක් පුරා ඇමරිකාවේ මාධ්‍ය ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ ම ස්ථානයේ පසු වේ. සිය ප්‍රධාන මාධ්‍ය හරහා චීනය පිළිබඳ සෘණාත්මක වාර්තා සිදු කිරීම ඇමරිකාවේ සුපුරුදු ක්‍රමයකි. VOA(Voice of America)සහ Rdio Free Asia (RFA)වැනි මාධ්‍ය ආයතන මගින් චීනය පිළිබඳ අසත්‍ය තොරතුරු ලොව පුරා ප්‍රචලිත කිරීමට අමතරව, විවිධ රටවලදී තමන්ට අවශ්‍ය පරිදි වාර්තාකරුවන් පුහුණු කිරීමට ඇමරිකාව විශාල මුදලක් වැය කර ඇත. එමගින් එම රටවල රැඳී සිටින චීන ව්‍යවසායන් හා චීනය ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ඉලක්ක කරගෙන අසත්‍ය තොරතුරු වාර්තා කිරීම ඇමරිකාවේ අරමුණයි.

2021 වසරේ ජර්මන් ලේඛක Michael Lueders සිය " ව්‍යාජ ශාන්තුවරයෙකු වන ඇමරිකාව " (" Pseudo-Saint America") නමැති කෘතියෙන් පෙන්වා දුන්නේ තමන්ට පමණක් අවශ්‍ය වන කරුණු තෝරා ගැනීමෙන් හෝ සත්‍ය විකෘති කිරීමෙන් හෝ මහජන මතයන්ට බලපෑම් කිරීමට ඇමරිකානු රජය ඉතා දක්ෂ බවයි. ස්වාධීනව සිතීමේ හැකියාව තිබිය යුතු බවත්, ඇමරිකා පාලනයට අයත් මාධ්‍ය බලපෑම්වලට හසු නොවිය යුතු බවත්, Michael Lueders සිය කෘතියෙන් අවධාරණය කර තිබේ.

 

 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම