චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුව රැස්වෙයි
2024-01-04 20:04:06
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුව රැස්වීමක් පවත්වයි. 

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්, එම රැස්වීම අද (4) පැවැත්විණ. 

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව, චීන රාජ්‍ය මණ්ඩලය, චීන මහජන දේශපාලන උපදේශක සභාව, ඉහළ මහජන අධිකරණය, ඉහළ පැමිණිලි සැපයුම් මණ්ඩලය යන ආයතනවල පක්ෂයේ කටයුතුවල කාර්යයන් මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා ලේකම් කාර්යාලයේ කාර්ය වාර්තාව එම රැස්වීමේ දී විමර්ශනය කෙරිණ.

මේ වසරේ එම සියලු ආයතන, ෂී ජින් පිං මහතාගේ නවයුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී චින්තනයේ ඇතුළත් මාර්ගෝපදේශ අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමූහික නායකත්වය යන උත්තරීතර දේශපාලන මූලධර්මය අනුගමනය කරමින්  චීන නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා දැඩි කැපවීමෙන් ක්‍රියා කළ යුතු බව එහිදී අවධාරණය කෙරිණ.

ඊට අමතරව, නව වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා ලේකම් කාර්යාලයේ කාර්ය මට්ටම ඉහළ නංවාගනිමින්, මධ්‍යම කාරක සභාව විසින් සැලසුම් කෙරෙන සියලු වැඩකටයුතු සම්පූර්ණ කරන බව ද එහිදී ප්‍රකාශ කරනු ලැබීය.

 

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම