ජනපති සහ පාකිස්තාන ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024-01-04 15:11:59
Share with:

මෙරටට පැමිණ සිටින පාකිස්තාන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ලුතිනන් ජනරාල් Hamood uz Zaman Khan මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි. ඒ, ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ය.  

Khan මහතා දිවයිනට පැමිණියේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ඊයේ (03) පැවති ශ්‍රී ලංකා – පාකිස්තාන සිව්වැනි ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදයට සහභාගි වීම සඳහා යි.  ආරක්ෂක ලේකම්වරයා සුහදශීලීව පිළිගත් ජනාධිපතිවරයා ඔහු සමග කෙටි සාකච්ඡාවකට එක් විය.

අනතුරුව හෙතෙම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ද හමුවී සාකච්ඡාවක නිරත විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම