ගාසා තීරයේ සංක්‍රමණිකයන් පිළිගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායල රජය හා රටවල් රැසක් අතර රහස් සාකච්ඡා
2024-01-04 12:07:28
Share with:

ගාසා තීරයේ සංක්‍රමණිකයන් පිළිගැනීම සම්බන්ධයෙන් ඊශ්‍රායල රජය රටවල් රැසක් සමඟ රහස් සාකච්ඡා පවත්වයි.

The Time of Israel පුවත්පත ඊයේ(3) එරට ආරක්ෂක කැබිනට් මණ්ඩල ජ්‍යෙෂ්ට නිලධාරියෙකුගේ කථාව උපුටා දක්වමින් මේ බව වාර්තා කළේය.

වෙනත් රටවලට ගාසා තීරයේ වැසියන්ගේ "ස්වේච්ඡා සංක්‍රමණය" ප්‍රවර්ධනය කිරීමට තමා කටයුතු කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය Benjamin Netanyahu මහතා රැස්වීමකදී පැවසූ බව වාර්තා විය. ගාසා තීරයේ වැසියන් භාර ගැනීමට කැමති රටවල් සොයා ගැනීමට ඊශ්‍රායලය උත්සාහ දරමින් සිටින බව Benjamin Netanyahu මහතා එහිදී සඳහන් කළේය.

ඊශ්‍රායල මුදල් ඇමතිවරයා සහ ජාතිකාරක්ෂක ඇමතිවරයා ගාසා තීරයේ සංක්‍රමණ සැලැස්මට බොහෝ අවස්ථාවලදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. ඔවුන්ගේ ප්‍රකාශ ඇමරිකාව සහ ප්‍රංශය විසින් හෙළා දැක තිබේ.

මේ වන විට, මෙම වටයේ ගැටුම්වලින් පලස්තීන වැසියන් 22000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 57000 කට වැඩි පිරිසක් තුවාල ලබා සිටිති. එක්සත් ජාතීන්ගේ දත්ත වලට අනුව, ගැටුම හේතුවෙන් ගාසා තීරයේ  වැසියන් මිලියන 1.9 ක් අවතැන් වී ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම