Tesla අභිභවා ගිය චීනයේ BYD ශ්‍රී ලංකාවට
2024-01-04 15:09:21
Share with:

 

චීනයේ BYD මෝටර් රථ නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසෙන බව නිල වශයෙන් නිවේදනය කරයි.

ඒ, ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමගින් මෙරට වෙළඳපොළට නව බලශක්ති වාහන සැපයීම සඳහා සහයෝගීතාවකට එළඹෙමිනි.

චීනයේ BYD සමාගම පසුගිය වසරේ අවසන් කාර්තුව තුළ ලොව වැඩිම විදුලි කාර් අලෙවියක් සිදු කළ සමාගම බවට පත් ව තිබේ. ඒ ලොව ප්‍රමුඛතම විදුලි වාහන නිෂ්පාදකයා වන Tesla අභිභවා යමිනි.

BYD සමාගම පසුගිය ජනවාරි පළමුවැනිදා නිවේදනය කළේ 2023 වසරේ  අවසාන කාර්තුවේ දී බැටරියෙන් ක්‍රියා කරන වාහන 526,000 ක් අලෙවි කළ බවයි. එම කාර්තුවේ දී Tesla සමාගම අලෙවි කර ඇති විදුලි වාහන සංඛ්‍යාව 484,500 කි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම