ඉරානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය චීනය තරයේ හෙළාදකී
2024-01-04 16:55:32
Share with:

ඊයේ (3) ඉරානයේ කර්මන් පළාතට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූවන් කෙරෙහි චීනය දැඩි සංවේගය පළ කරයි.

එම දරුණු ප්‍රහාරයෙන් ජීවිත හානි රැසක් සිදුවීම සම්බන්ධයෙන් චීනය දැඩි කම්පනයකට පත් වූ බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (4) පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

විපතට පත්වූවන්ගේ පවුල් වෙත හෙතෙම එහිදී අවංක ශෝකය ප්‍රකාශ කළේය. සියලු ආකාරයේ ත්‍රස්තවාදයට විරුද්ධ වන චීනය, ත්‍රස්ත ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව ද වං වෙන් බින් මහතා පැවසීය. ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ඉරානය දරන ප්‍රයත්නයන්ට පූර්ණ සහය දක්වන බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම