ඉරානයේ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව චීන ජනපති එරට ජනපති වෙත සංවේගය පළ කරයි
2024-01-04 17:16:47
Share with:

ඉරානයේ සිදු වූ බරපතල ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා වෙත ශෝක පණිවිඩයක් යොමු කරයි. එය අද (4) ඉරාන ජනාධිපතිවරයා වෙත යවනු ලැබ ඇත.

ඉරානයේ කර්මන් පළාතට එල්ල වූ දරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත හානි විශාල පිරිසක් සිදුවීම පිළිබඳව දැන ගත් තමා ඉන් දැඩි කම්පනයකට පත් වූ බව ෂී ජින් පිං මහතා පැවසීය. ජීවිතක්ෂයට පත්වූ සහ විපතට පත්වූවන්ගේ පවුල් වෙත චීන රජය හා ජනතාව වෙනුවෙන් හෙතෙම අවංක ශෝකය ප්‍රකාශ කළේය. 

සියලු ආකාරයේ ත්‍රස්තවාදයට විරුද්ධ වන චීනය, ත්‍රස්ත ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට ඉරානය දරන උත්සාහයට චීනය ස්ථිර සහයෝගය ලබාදෙන බව ද හෙතෙම කියාසිටී.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම