කොළඹ කොටස් වෙළෙඳපොළ 25% කින් වර්ධනය වෙයි
2024-01-03 17:10:28
Share with:

රටේ ආර්ථික වර්ධනය සඳහා සුවිශේෂ දායකත්වයක් ලබාදෙන කොළඹ කොටස් වෙළඳපොළ පසුගිය 2023 වසරේ දී 25.5% ක වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබේ. වසරේ අවසාන ගනුදෙනු දිනය වූ ‌දෙසැම්බර් 29 වැනිදා  කොළඹ කොටස් වෙළඳපොළ නිකුත් කළ දෛනික ගනුදෙනු සටහන් වාර්තාව මේ බව පෙන්වාදෙයි.

ඒ අනුව, කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය, වසර ආරම්භයට සාපේක්ෂව 25.5% ක වර්ධනයක් වාර්තා කර තිබීම කැපීපෙනේ. 

මේ අතර, 2024 නව වසරේ පළමු ගනුදෙනු දිනය වූ ඊයේ (02) දිනයේ ද කොටස් වෙළඳපොළ මිල දර්ශකවල වර්ධනයක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 30.12 කින් ඉහළ ගොස් ඒකක 10,684.28 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 16.00 කින් ඉහළ ගොස් ඒකක 3,084.36 ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා වී තිබිණ.

වාර්තා වූ ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 335.55 කි.

කොටස් වෙළඳපොළගනුදෙනු මේ වසරේ තවදුරටත් ඉහළ යනු ඇතැයි අදාළ බලධාරීහු විශ්වාසය පළකරති.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම