අංශ 6කින් ප්‍රවර්ධනය කෙරෙන චීනයේ පෞද්ගලික ආර්ථථිකයේ සංවර්ධනය
2024-01-03 15:43:15
Share with:

ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම ඇතුළුව අංශ 6කින් පෞද්ගලික ආර්ථථිකයේ සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා වඩාත් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමට ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ අදාළ පාර්ශ්ව සමග කටයුතු කිරීමට අපේක්ෂා කෙරේ.  චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ Zheng Shanjie මහතා ඊයේ (02) මේ බව පැවසීය.

පුද්ගලික ආර්ථිකයේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනයට "ජිංජියන් අත්දැකීම්" නමැති නව්‍ය සංවර්ධනය පිළිබඳ සම්මන්ත්‍රණයක් ඊයේ (2) ෆූජියැන් පළාතේ  ජින්ජියන් නගරයේදී පැවැත්විණ.

ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම, සන්නිවේදන යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම, පුද්ගලික ආර්ථිකයේ සංවර්ධන තත්ත්වය පිළිබඳ පුළුල් විශ්ලේෂණය ශක්තිමත් කිරීම, තොරතුරු මුදා හැරීමේ වේදිකා වැඩිදියුණු කිරීම, කැපී පෙනෙන අවස්ථා ප්‍රවර්ධනය කිරීම සහ ක්‍රියාකාරී යාන්ත්‍රණ ස්ථාපිත කර එය වැඩිදියුණු කිරීම ඉතා වැදගත් බව Zheng Shanjie මහතා එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම