ගෝලීය ආර්ථික ඛණ්ඩනය හේතුවෙන් ගෝලීය නිෂ්පාදිත වටිනාකම අඩු විය හැකි බවට IMF සභාපතිනියගෙන් අනතුරු ඇඟවීමක්
2024-01-03 15:23:05
Share with:

ගෝලීය ආර්ථික ඛණ්ඩනය හේතුවෙන් ගෝලීය දළ දේශීය නිෂ්පාදිත වටිනාකම සියයට 7කින් අඩු වනු ඇති බව ජාත්‍යන්තර මුදල් අරමුදලේ සභාපතිනි Kristalina Georgieva මහත්මිය ඊයේ(2) CNN නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවාය. ජාතික ආරක්ෂාව සම්බන්ධ අදාළ සීමා වැඩි වෙමින් ඇති අතර භූ දේශපාලනික සාධක ගෝලීය ආර්ථිකයේ බෙදීම් ඇති කරන බව ද ඇය කියාසිටියාය. එම ආර්ථික ඛණ්ඩනයට මැදිහත් නොවුනහොත් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය සියයට 7කින් අහිමි වනු ඇත. එම අගය, ප්‍රංශයේ හා ජර්මනියේ සමස්ත වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමට සමාන ය.

අක්‍රමවත්ව ගෝලීය ආර්ථිකය බෙදීම වෙනුවට රටවල් අතර ඇති අරගල අඩු කිරීමට සැබවින්ම අර්ථවත් ආරක්ෂක ගැටළු කෙරෙහි අවධානය යොමු කිරීම සියළු පාර්ශ්වයන්ට හිතකර ය. නැතහොත් ගෝලීය ආර්ථිකයේ පරිමාණය  වඩාත් අඩු වනු ඇති බව ද ඇය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම