නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට පැසසුම්
2024-01-03 17:12:48
Share with:

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ධුරයෙන් නික්ම යන නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා හමුවෙයි. අරලියගහ මන්දිරයේ දී ඊයේ (02) එම හමුව පැවැත්විණ.

කොළඹ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් විවෘත කිරීම සම්බන්ධයෙන් මහකොමසාරිස්වරයා මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත සිය ප්‍රසාදය පළකළේය.

ශ්‍රී ලංකාව මුහුණ පෑ ආර්ථික අර්බුදයෙන් මිදී කැපීපෙනෙන ප්‍රගතියක් අත් කරගෙන ඇති බව ද හෙතෙම පැවසීය. වර්තමානය වන විට මෙරටට සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන්නේ වත්මන් රජය අර්බුදය මනාව කළමනාකරණය කර ඇති නිසා බව ද ඇපල්ටන් මහතා කියාසිටියේය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා විශේෂඥ දැනුම ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී නවසීලන්තයට කෘතඥතාව පළකළේය.

මේ අතර, නවසීලන්තයේ වෙලින්ටන්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. දෙරට අතර සබඳතා තර කිරීමේ රජයේ අරමුණ අනුව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම