ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධාන නායකයෙකු ජීවිතක්ෂයට
2024-01-03 14:30:06
Share with:

ලෙබනනයේ අගනුවරට එල්ල කෙරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධාන ජ්‍යෙෂ්ඨ නායකයෙකු මිය ගිය බව එම සංවිධානය පවසයි.

පලස්තීන හමාස් සංවිධානය ඊයේ (2) මේ බව නිවේදනය කළේය.

ඊශ්‍රායල ඩ්‍රෝන යානයක් ඊයේ (2) රාත්‍රී ලෙබනනයේ බේරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශයේ පිහිටි හමාස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කර ඇත. හමාස් දේශපාලන කාර්යාංශයේ නියෝජ්‍ය සභාපති Sheikh Saleh Al-Arouri සහ තවත් හය දෙනෙකු ඉන් මිය ගිය බව එම සංවිධානය කියාසිටී.

ඊශ්‍රායලය මෙතෙක් ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වා නැත.

ප්‍රහාරයට ලක් වූ හමාස් කාර්යාලය පිහිටා තිබෙන බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශයේ ද ලෙබනනයේ හිස්බුල්ලා පක්ෂයේ මූලස්ථානය පිහිටා ඇති බව ද වාර්තා වී ඇත.

එම ප්‍රහාරය හෙළාදකින ලෙබනන අග්‍රාමාත්‍ය Najib Mikati මහතා ඊශ්‍රායලයේ ආක්‍රමණශීලීත්වය නවතාලීමට පියවර ගන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම