ආර්ථිකය ගොඩනැගීමේ අසීරු තීරණ මේ වන විට ගෙන අවසන් බව ජනපති කියයි
2024-01-02 16:12:21
Share with:

නිවැරදි තීරණ සමඟ මෙම වසර ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා රැගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ඒ වෙනුවෙන් වූ අසීරු තීන්දු තමා මේ වන විට ගෙන අවසන් බව පැවසූ ජනාධිපතිවරයා, දෝෂාරෝපණයට ලක්වෙමින් වුවද තමා එම තීරණ ගත්තේ රට වෙනුවෙන් බව පැවසීය. රට රැක ගැනීමට සෙසු දේශපාලනඥයන්ට ද ඇති වගකීම හඳුනාගනිමින් උදා වූ නව වසරේ සියලුදෙනා එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ජනතාවට කඩිනම් සහන ලබාදීම රජයේ අරමුණ වන බවත් ඔහු කියාසිටියේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල අකුරේගොඩ ස්ථාපිත නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (01) පෙරවරුවේ එක්වෙමිනි. එහි පැමිණි සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුදා උත්තමාචාර පවත්වා අභිමානවත් අයුරින් පිළිගැනිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම