බ්‍රික්ස් සහයෝගිතා ලොව බහුපාර්ශ්වික ප්‍රවණතාව තහවුරු කරන බව චීනය කියයි
2024-01-02 16:38:00
Share with:

චීනය බ්‍රික්ස් සංවිධාන සාමාජිකයන් හා එක්ව “දැවැන්ත බ්‍රික්ස් සහයෝගිතා ” අඛණ්ඩව නව ජයග්‍රහණ කරා මෙහෙයවයි. 

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (2) පැවති මාධ්‍ය හමුවේ දී බ්‍රික්ස් සහයෝගිතා සංවිධානයේ සාමාජිකත්වය ව්‍යාප්ත කිරීම පිළිබඳව නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

 බ්‍රික්ස් සහයෝගිතාවයේ අනාගතය පිළිබඳ පූර්ණ විශ්වාසයක් චීනයට ඇත. එම සංවිධානයේ සාමාජිකත්වය රටවල් 10 ක් කෙරෙහි ව්‍යාප්ත වීමෙන් බ්‍රික්ස් සහයෝගිතාව සතු සුන්දර අනාගතය පිළිබිඹු වේ.  එම රටවල ඉල්ලීම් අනුව, සාමාජිකත්වය තවදුරටත් ව්‍යාප්ත කිරීම නව වෙළඳපොළවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අපේක්ෂාවන්ට ද අනුකූල වේ. එමෙන්ම එය ලෝකයේ බහුපාර්ශ්වික ප්‍රවණතාවට ගැලපෙන බව ද වං වෙන්බින් මහතා සඳහන් කළේය.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම