වීසා රහිත ප්‍රතිපත්තිය යට‍තේ රටවල් 6කින් 110,000කට අධික පිරිසක් චීනයට
2024-01-02 10:51:20
Share with:

2023 දෙසැම්බර් 1 වැනිදා සිට ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ මැලේසියාව යන රටවල් හයෙහි සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා අත්හදා බැලීමේ ඒකපාර්ශ්වික වීසා රහිත ප්‍රතිපත්තියක් චීනය ක්‍රියාත්මක කර ඇත. 2023 දෙසැම්බර් 31 වන විට මෙම රටවල් හයෙන් 214,000 ක පිරිසක් චීනයට පැමිණ ඇති අතර එය නොවැම්බර් මාසයට  සාපේක්ෂව 28.5% කින් වැඩි වී තිබේ. ඒ බව ඊයේ (1) චීන ජාතික සංක්‍රමණ පරිපාලනයේ සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කෙරිණ.

වීසා රහිත ප්‍රවේශ ප්‍රතිපත්තිය සුමටව ක්‍රියාත්මක කිරීම සහතික කරමින් චීන සහ විදේශීය ජනතාව අතර සහයෝගීතාව සහ හුවමාරුව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා චීන ජාතික සංක්‍රමණ පරිපාලනය කාර්යක්ෂම වරාය නිෂ්කාශන ක්‍රමවේදයන් ද සහතික කරනු ඇති බව චීන ජාතික සංක්‍රමණ පරිපාලනයේ අදාළ කටයුතු සම්බන්ධ නිළධාරියා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම