චීනයේ නිෂ්පාදිත ‘Adora Magic City’ නෞකාවේ ප්‍රථම වාණිජ මෙහෙයුම ඇරඹේ
2024-01-02 12:32:17
Share with:

චීනයේ නිෂ්පාදිත ‘Adora Magic City’ නමැති විශාල පරිමාණයෙන් යුත් ප්‍රථම කෲස් නෞකාවේ පළමුවැනි වාණිජ මෙහෙයුම ඇරඹේ. එම මෙහෙයුම ඊයේ(01) Shanghai හි පිහිටි Wusongkou ජාත්‍යන්තර කෲස් නෞකා වරායේ දී සිදු කෙරිණි.

‘මුහුදේ ඇති නවීන නගරයක්’ ලෙසට හැඳින්වෙන ‘Adora Magic City’ සංචාරක නෞකාව තුළ කාමර 2125ක් ඇති අතර, සංචාරකයන් 5246 කට එහි නවාතැන් පහසුකම් පවතී. මහල් 16කින් යුක්ත මෙම නෞකාවේ වර්ග මීටර් හතළිස්දහසක් පමණ වූ විනෝදජනක පරිශ්‍රයක් ද සංචාරකයන් වෙනුවෙන් ඉදි කර තිබේ.

මෙම නෞකාවේ ප්‍රථම වාණිජ යාත්‍රා කිරීමේ මෙහෙයුමේ සාර්ථකත්වය සහතික කිරීමට රේගු, සමුද්‍ර කටයුතු ඇතුළු විවිධ ආයතන ද සම්බන්ධ වී තිබේ. නෞකාව ඉදිකිරීම, මෙහෙයුම් හා සේවා ඇතුළු විශාල පරිමාණයකින් යුත් දේශීය යාත්‍රා නෞකා මෙම කර්මාන්තයේ පූර්ණ සංවර්ධනය තහවුරු කරනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම