නව වසරට බොහෝ රටවල රාජ්‍ය නායකයන් හා ජගත් සංවිධාන ප්‍රධානීන්ගෙන් සුබ පැතුම්
2024-01-02 10:57:16
Share with:

නව වසර වෙනුවෙන් බොහෝ රටවල රාජ්‍ය නායකයෝ හා ජගත් සංවිධාන ප්‍රධානීහු සුබ පැතුම් පණිවුඩ නිකුත් කරති. නව වසරේ එක්සත්ව එක්සිත්ව එකිනෙකාට සහාය වෙමින් මතභේද දුරු කරමින් වඩාත් සාමකාමී, සුන්දර හා සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කරන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

2023 වසර මහත් දුක් කම්කටොළුවලින් පිරි වසරකි. ලෝක සමගිය, සාමය හා තිරසර සංවර්ධනය සහතික කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අඛණ්ඩව උත්සාහ දරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා සිය සුබපැතුම් පණිවුඩයෙන් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටියේ 2023 වසරේ ලාංකික ජනතාවගේ කැපවීම් හේතුවෙන් රට මූලික වශයෙන් මූල්‍ය  දුෂ්කරතාවයෙන් නිදහස් වී ඇති බවයි. ආර්ථික ස්ථාවරත්වය ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් ඉදිරියට යා යුතු ය. ඒ සඳහා සෑම ලාංකිකයෙකුට වගකීම් පැවරී ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

රුසියානු ජනතාවගේ සමගිය රටේ අනාගත සංවර්ධනයේ සහතිකය බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා පවසයි. රටේ තිරසර සංවර්ධනය හා ජනතාවගේ සුබසෙත තහවුරු කරන බවත්, රුසියාව වඩාත් ශක්තිමත්ව ඉදිරියට යන බවත්, රුසියානු ජනාධිපතිවරයා සිය නව වසරේ සුබපැතුම් පණිවු‍ඩයෙන් ‍ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම