2024 නව වසරේ නිවාඩු කා‍ලයේ චීනයේ දේශීය සංචාර කැපී පෙනෙන ලෙස ඉහළට
2024-01-02 10:31:13
Share with:

2024 නව වසරේ නිවාඩු කා‍ලයේ චීනයේ සංස්කෘතික හා සංචාරක වෙළඳපොළ ස්ථාවර හා විධිමත් මට්ටමක් පෙන්නුම් කරයි.

නව වසරේ නිවාඩු දින තුන තුළ චීනයේ දේශීය සංචාර සංඛ්‍යාව මිලියන 135 ක් බව චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. එය පසුගිය වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව 155.3%ක වර්ධනයකි. ඉන් හිමිව ඇති දේශීය සංචාරක ආදායම යුවාන් බිලියන 79.73 ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 200.7% ක වර්ධනයක් බව ද වාර්තා වේ.

නව වසරේ නිවාඩු කා‍ලයේ නාගරික සහ ග්‍රාමීය වැසියන් සංචාරය කිරීමට දැඩි උනන්දුවක් පෙන්නුම් කර ඇත. එමෙන්ම සංස්කෘතික සංචාර සඳහා සහභාගීත්වය ද ඉහළ මට්ටමක පවතී. සංගීත ප්‍රසංග ප්‍රමාණය මෙන්ම පවුලේ සාමාජිකයින් හා මිතුරන් සමග සාමූහික විනෝද චාරිකා ප්‍රමාණයේ ද වැඩි වීමක් දැක ගත හැකිය. සංචාරක වෙළඳපොළේ ප්‍රීතිමත් සහ සාමකාමී වාතාවරණයක් ද පෙන්නුම් කෙරිණ.

දෙමාපිය-ළමා විනෝදාස්වාද අංග, සංස්කෘතික අත්දැකීම්, එළිමහන් ක්‍රීඩා යනාදිය සඳහා ඇති ඉල්ලුම හේතුවෙන් නගර උද්‍යාන, තේමා උද්‍යාන සහ වාණිජමය දිස්ත්‍රික්ක නව වසරේ නිවාඩු කා‍ලයේ සංචාරය හා විවේකය සඳහා ප්‍රධාන ස්ථාන බවට පත්ව ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම