චීන-ඇමරිකා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයේ 45 වැනි සංවත්සරය පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්
2024-01-02 16:29:13
Share with:

චීනය හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඇරඹීමේ 45 වැනි සංවත්සරය පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරයි.

එම සංවත්සරය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊයේ (1) සුබ පැතුම් හුවමාරු කර ගත් බව අද (2) නිකුත් කෙරුණු එම ප්‍රකාශයේ සඳහන් වෙයි. ඇමරිකාව කෙරෙහි චීනයේ ප්‍රතිපත්ති අඛණ්ඩ හා පැහැදිලි වේ. අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමීව ක්‍රියා කිරීම හා සහයෝගයෙන් පොදු ජයග්‍රහණ ලබා ගැනීම එහිදී අනුගමනය කෙරෙන අතර, පොදු සංවර්ධනයට ගැලපෙන නිවැරදි දිශාව එය බව ද මෙම ප්‍රකාශයේ දැක්වේ. ස්ථාවර, යහපත් හා තිරසර ද්විපාර්ශ්වික සබඳතාවක් ගොඩනැගීමට චීනය කැප වී සිටී.  ඇමරිකාව සමඟ එක්ව දෙරට නායකයන් සැන් ෆ්‍රැන්සිස්කෝ හමුවේ දී එළඹුණු වැදගත් එකඟතා ක්‍රියාත්මක කරමින්, මතභේද ඵලදායීව පාලනය කර සංස්කෘතික හුවමාරු හා විවිධ අංශවල සහයෝගිතා ශක්තිමත් කිරීම චීනයේ අපේක්ෂාවයි. ද්විපාර්ශ්වික සබඳතාව නිවැරදි දිශාව කරා ප්‍රවර්ධනය කර දෙරටට හා සමස්ත ලෝකයට ප්‍රතිලාභ ලබාදීමට චීනය බලාපොරොත්තු වන බව ද චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම