බ්‍රික්ස් සාමාජික රටවල් අතර සහයෝගිතා ප්‍රවර්ධනය කරන බව රුසියානු ජනාධිපති පවසයි
2024-01-02 09:59:33
Share with:

2024 වසරේ බ්‍රික්ස් රටවල සභාපතිත්වය හිමි රට ලෙස රුසියාව බ්‍රික්ස් සාමාජික රටවල දේශපාලන හා ආරක්ෂක, ආර්ථික හා මූල්‍ය, සංස්කෘතික හා මානව හුවමාරු ඇතුළු වැදගත් ක්ෂේත්‍රවල සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරන බව රුසියානු ජනාධිපති Vladimir Putin මහතා ඊයේ (01) පැවසීය.

එමෙන්ම  කඩිනමින් රුසියා-යුක්රේන අර්බුදය අවසන් කිරීමට රුසියාව බලා පොරොත්තු වන බව Vladimir Putin මහතා කියාසිටියේය. එහෙත් රුසියාව සිය ස්ථාවරය කිසිදු අවස්ථාවක අත්නොහරින බව ද හෙතෙම අවධාරණය කර ඇත.

යුක්රේනය රුසියාවේ සතුරෙක් නොවේ. රුසියාවේ ජාතික පද්ධතිය විනාශ කිරීම හා යුද ගැටුම්වලදී රුසියාව උපායමාර්ගික ලෙස අසමත් වනු දැකීමට අපේක්ෂාවෙන් සිටින බටහිර විවිධ පාර්ශ්වයන්, රුසියාවේ සැබෑ සතුරන් වන බව ද Vladimir Putin මහතා පෙන්වා දී ඇත.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම