චීනය සහ තායිලන්තය අතර අන්‍යෝන්‍ය වීසා රහිත පිවිසුම් මාර්තු මාසයේ සිට
2024-01-02 14:48:28
Share with:

මාර්තු මාසයේ සිට චීනය සහ තායිලන්තය අන්‍යෝන්‍ය වශයෙන් දෙරටට පිවිසීමේ දී  වීසා බලපත් රහිත ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවයි.

තායිලන්ත අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය Srettha Thavisin මහතා අද (2) පැවති කැබිනට් රැස්වීමට සහභාගි වීමෙන් පසු මාධ්‍ය වෙත හෙළි කළේ, චීන සංචාරකයන් සඳහා තායිලන්තයේ වීසා රහිත ප්‍රවේශ ප්‍රතිපත්තිය 2024 වසරේ පෙබරවාරි 29 වැනිදා දක්වා වලංගු වන අතර, එය කල් ඉකුත් වීමට ආසන්න බවයි. එහෙත්, චීනය සමඟ පැවැත්වූ අඛණ්ඩ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස,දෙරටම ස්ථිර වීසා රහිත ප්‍රවේශ ප්‍රතිපත්තියක් මාර්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද අගමැතිවරයා පැවසීය. එනම්, එදින සිට චීන සහ තායිලන්ත ජනතාවට දෙරට අතර ගමන් කිරීම සඳහා වීසා බලපත්‍ර අවශ්‍ය නොවනු ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම