ගෝලීය අවි තරගය පිළිබඳව ජනතාවගේ දැඩි අකමැත්ත පළ වේ
2024-01-02 19:31:55
Share with:

ගෝලීය අවි තරගය උත්සන්න වීම සම්බන්ධයෙන් ගෝලීය ජනතාව දැඩි කනස්සල්ල පළකරති. චීනයේ CGTN නාලිකාව විසින් පවත්වන ලද ජාත්‍යන්තර ජනමත විමසුමකින් මේ බව අනාවරණය වෙයි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 93% ක බහුතරයක් මෙම අවි තරගය පිළිබඳ දැඩි කනස්සල්ල පළ කර තිබීම කැපීපෙනේ. 

2024 වසරේ සඳහා ඇමරිකාවේ සහ ජපානයේ මිලිටරි වියදම් ඉතිහාසයේ පැවති ඉහළම මට්ටම කරා ළඟා වී ඇත.  මේ තත්ත්වය කලාපීය සාමය අස්ථාවර කරන අතර, නැගෙනහිර ආසියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම යුද තත්ත්වයක් අවුලුවනු ඇතැයි ද සමීක්ෂණයට එක්වූවෝ පවසති. 

 

2023 වසරේ දී ගෝලීය මිලිටරි වියදම් අඛණ්ඩව වර්ධනය විය.  ස්වීඩනයේ ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ වාර්තාවකට අනුව, එම වියදම් 2022 වසරේ දී ඩොලර් ට්‍රිලියන 2.2 ක් විය. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 89.3% ක පිරිසක් මේ පිළිබඳ දැඩි කනස්සල්ල පළ කළේ මිලිටරි වියදම්වල අඛණ්ඩ වර්ධනය සාමයට තර්ජනයක් බව පවසමිනි. එසේම, ඇමරිකාව සහ රුසියාව අවිහරණ ගිවිසුම්වලින් ඉවත්වීම ද ගෝලීය ආරක්ෂාව පිළිබඳ අවදානම උග්‍ර කරනු ඇතැයි ද ඔවුහු කියාසිටිති.

දුෂ්කරතා කොතෙක් පැවතිය ද ජනතාවගේ අපේක්ෂාව සාමයයි. සමීක්ෂණයේ දී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 95.6% ක් විශ්වාස කරන්නේ, හමුදා ශක්තිමත් කිරීමෙන් හෝ පුළුල් කිරීමෙන් හෝ පමණක් කලාපීය ආරක්ෂාව සහතික කළ නොහැකි බවයි.  තවත්  96.2 % ක පිරිසක් කියාසිටියේ කිසිදු යුද්ධයක ජයග්‍රාහකයෙකු නොමැති බවත්, සියලුම රටවල් යුද්ධවලට එරෙහි විය යුතු බවත් ය. එවිට පොදු සහ විශ්වීය ආරක්ෂාව සහිත ලෝකයක් ගොඩනැගෙනු ඇතැයි ද ඔවුන් පවසා තිබේ. 

මෙම ජනමත විමසුම CGTN නාලිකාවේ ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු වේදිකාවන් හි පවත්වනු ලැබීය. එහිදී පැය 24ක් තුළ අන්තර්ජාල පරිශීලකයන් 33984 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තම අදහස් දක්වා තිබීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම